ලොව පුරා රටවල් 220කින් හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි විස්සකට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
මේ වන විට හමුවී ඇති සමස්ත වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව දහ නව කෝටි අනූපන් ලක්ෂ අනූදෙදහස් අටසිය අනූඅටක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව හතලිස් දෙලක්ෂ හතලිස් අට දහස් හත්සිය අසුපහක් බවයි වාර්තා වන්නේ. ඊයේ දිනයේ දී වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඉන්දුනීසියාවේයි. එම සංඛ්‍යාව 1568ක්. ගතවූ පැය 24 දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ රට ලෙස ඇමෙරිකාව දැක්විය හැකියි. ඇමෙරිකාවෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 56369 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
The post ලොව පුරා රටවල් 220කින් ආසාදිතයින් කෝටි 20 කට ආසන්න සංඛ්‍යාවක් හමු වෙයි appeared first on ITN News.
Post a Comment