වයස අවුරුදු 12 ත්17 ත් අතර ළමුන්ට කොරෝනා වයිරසයට එරෙහි එන්නත් ලබාදීමට ජර්මනිය තීරණය කර තිබෙනවා.
ළමුන් එන්නත්කරණය ලබන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කරන බව ජර්මනියේ සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් හා මොඩර්නා එන්නත් ලබාදීමට නියමිතයි. වයස අවුරුදු 12 ත් 17 ත් අතර කාණ්ඩයේ ළමුන් මිලියන 4.5 ක් පමණ එරට වාසය කරනවා.
ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ එම පිරිසෙන් සියයට දහයක ප්‍රමාණයකට මේ වනවිටත් එන්නත් ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. අනෙක් පිරිසට දෙමාපියන්ගේ කැමැත්ත අනුව එන්නත ලබාදීමට නියමිතයි. ඩෙල්ටා ප්‍ර භේදය ජර්මනිය තුළද ශීඝ්‍ර යෙන් ව්‍යාප්ත වීම මෙම තීරණයට හේතුවී තිබෙනවා. මේ වනවිට එරට ජනගහනයෙන් සියයට පනස් දෙකකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
The post වයස අවුරුදු 12 ත්17 ත් අතර ළමුන්ට කොරෝනා එන්නත ලබාදීමට ජර්මනිය තීරණය කරයි appeared first on ITN News.
Post a Comment