ඇමරිකාවේ ලුසියානා හා ෆ්ලොරීඩා යන ප්‍රාන්තයන්ගෙන් හමුවන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහල ගොස් තිබෙනවා.
ඇමරිකාව තුළ ඩෙල්ටා ප්‍ර භේදය ව්‍යාප්තිවීමත් සමගයි මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ. වයිරස ව්‍යාප්තිය ආරම්භයෙන් පසු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එම ප්‍රාන්තයන්ගෙන් වාර්තා වී ඇත්තේ ඊයේ දිනයේ දීයි. ෆ්ලොරීඩා ප්‍රාන්තයේ දස දහසකට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් රෝහල්ගත කර තිබෙනවා. ඩෙල්ටා ප්‍ර භේදයේ ව්‍යාප්තියත් සමග ගොඩනැගිලි අභ්‍යන්තරයේ දී ද මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කිරීමට ලුසියානා ආණ්ඩුකාරවරයා පියවර ගත්තා. ෆ්ලොරීඩා ප්‍රාන්තයේ එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දක්නට ලැබෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. ආකන්සා, මිසූරි හා නෙවාඩා යන ප්‍රාන්තවල තත්ත්වයද බරපතල අතට හැරෙමින් පවතින බව සදහන්.
The post ලුසියානා හා ෆ්ලොරීඩා ප්‍රාන්ත වල කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට appeared first on ITN News.
Post a Comment