Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බලපත්‍ර නොමැතිව වී මිලදී ගැනීම් සිදු කළ 4 දෙනෙකු ලොරි රථ 07ක් සමඟ අත්අඩංගුවට  

Add comments

බලපත්‍ර නොමැතිව වී මිළදී ගැනීම් සිදු කරන ස්ථාන හා පුද්ගලයින් සොයා මෙහෙයුම් වැඩි කර තිබෙනවා. නීති විරෝධී ලෙස වී ගබඩා කර තබන්නන්ට එරෙහිව ද නීතිය දැඩිව ක්‍රියාත්මක බවයි රජය අවධාරණය කරන්නේ.

යල කන්නයේ වී අස්වනු සහතික මිලට මිළදී ගැනීමේ විධිමත් වැඩපිලිවෙලක් රජය ක්‍රියාවට  නංවා තිබෙනවා. ඒ අනුව වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීම් සිදු කිරීමිට අවශ්‍ය ප්‍රතිපාදන ඒ ඒ දිස්ත්‍රික්ක වෙත  ලබාදීමටයි පියවර ගෙන තිබෙන්නේ. කෙසේ වුවද ඇතැම්  ජාවාරම්කරුවන් වී තොග නිසි බලපත්‍ර නොමැතිව වුවද මිලදී ගෙන ගබඩා කර තබන බවට තොරතුරු වාර්තාවීමත් සමග එවැනි ස්ථාන වැටලීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණා.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බලපත්‍ර නොමැතිව වී මිලදී ගැනීම් සිදු කළ පුද්ගලයින් 4 දෙනෙකු ලොරි රථ 07 ක් ද සමග අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කළේ.

 

 

 

 

 

 

 

 

 

 

 

The post බලපත්‍ර නොමැතිව වී මිලදී ගැනීම් සිදු කළ 4 දෙනෙකු ලොරි රථ 07ක් සමඟ අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG