ඕස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය වන සිඩ්නි නගරයේ රෝහල් ආශ්‍රිතව රෝගීන් රැකබලා ගැනීම සඳහා හදිසි කූඩාරම් සකස් කිරීමට කටයුතු කර තිබෙනවා.
ශීඝ්‍ර වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ විශාලතම අගනගරය වන සිඩ්නි නුවර වසා දමා දැනට මාස දෙකක් ඉක්ම ගියද රෝගීන් වාර්තාවීම දිනෙන් දින ඉහළ යන බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. මෙවන් පසුබිමක රෝහල්වල රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් හදිසි ප්‍රතිකාර සහ රෝගීන් රැකබලා ගැනීම සදහා තාවකාලික කූඩාරම් ඉදිකිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. ගත වූ පැය 24 තුළ සිඩ්නි නගරයෙන් දහසකට ආසන්න කෝවිඩ් රෝගීන් සංඛ්‍යාවක් හඳුනා ගැනුණා. එය එරට කෝවිඩ් වසංගතය ආරම්භයෙන් පසු වාර්තා වූ ඉහළම ආසාදිත සංඛ්‍යාව ලෙස සැළකෙනවා.
The post ඕස්ට්‍රේලියාවේ සිඩ්නි රෝහල් ආශ්‍රිතව රෝගීන් රැකබලා ගැනීමට හදිසි කූඩාරම් සකස් කෙරේ appeared first on ITN News.
Post a Comment