Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපාන අගමැතිට දේශපාලන අභියෝගයක්  

Add comments

ජපාන අග්‍රාමාත්‍ය යොෂිඩේ සුගා හට ඉදිරි දින කිහිපය තුළදී දේශපාලන අභියෝගයකට මුහුණ දිමට සිදුව තිබෙනවා.

ලබන සැප්තැම්බර් 29 වනදා එරට පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වය සදහා මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සදහා අග්‍රාමාත්‍ය යොෂිඩේ සුගාද ඉදිරිපත් වනවා. එහිදී පක්ෂයේ සභාපති ධූරය රැක ගැනීමට වත්මන් අග්‍රාමාත්‍යවරයා අසමත් වුවහොත් ඔහුගේ අග්‍රාමාත්‍ය ධූරයද අභියෝගයට ලක්වන බවයි විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ. එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙන් සෝ අබේ ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු ධූරයෙන් ඉවත් වීමත් සමග යොෂිඩේ සුගා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වුණා. කොරෝනා වසංගතය පාලනය කිරීමට අසමත්වීම හේතුවෙන් අගමැති යොෂිඩේ සුගාගේ ජනප්‍රියත්වය මේ වනවිට සියයට තිහකට වඩා පහත වැටී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

 

The post ජපාන අගමැතිට දේශපාලන අභියෝගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG