විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (25) දින ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සමඟ පැවති සුහද හමුවක දී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඕස්ට්‍රේලියාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සඳහා වන මාර්ග පිළිබඳව සාකච්ඡා කළේය.
බොහෝ අංශ ඔස්සේ ලබාදෙන ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහය අගය කරන අතරම, මුහුදු මාර්ගයෙන් සිදුවන අවිධිමත් සංක්‍රමණය වැළැක්වීම, කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම, අධ්‍යාපනය, තාක්‍ෂණික හා වෘත්තීය පුහුණුව, ආර්ථික හා ආයෝජන අංශවල සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම සහ උනන්දුව පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස්මහතා විශේෂයෙන් අවධාරණය කළ අතර, ඕස්ට්‍රේලියාව විසින් ද එය අන්‍යෝන්‍ය වශයෙන් අවධාරණය කරන ලදී.
විදේශ අමාත්‍යවරයාගේ පත්වීම පිළිබඳව මහ කොමසාරිස් හෝලි මහතා සිය අවංක ප්‍රශංසාව පළ කළ අතර, සමාජ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සූදානමින් පසුවන බව අවධාරණය කළේය.
ඉන්දියන් සාගරයේ අසල්වැසියන් වන බැවින්, අනාගත සාගර ව්‍යසනයන් වැළැක්වීම සහ හවුලේ උනන්දුවක් දක්වන කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර හා කලාපීය සංසදයන්හි සහයෝගීතාව ඇතුළු සමුද්‍ර ක්ෂේත්‍රය තුළ සමීප සහයෝගීතාවයේ වැදගත්කම දෙපාර්ශ්වය හඳුනා ගත්හ.
2022 දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම පිළිබඳ 75 වැනි සංවත්සරය හවුලේ සැමරීම සඳහා විදේශ අමාත්‍යවරයා සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ද එකඟ වූහ.
මෙම හමුව සඳහා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු සහභාගී වූහ.
The post විදේශ ඇමති ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් හමුවෙයි appeared first on ITN News.
Post a Comment