Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 4,602ක්  

Add comments

ඊයේ දවසෙත් කොරෝනාවට ගොදුරු වුණ 4602 දෙදෙනෙක් හමුවුණ බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

ඊයේ දිනය තුළ අපේ රටෙන් නව කොරෝනා ආසාදිතයන් 4602 දෙනෙකු හමුවීමත් සමඟ මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ දොළොස්දහස් තුන්සිය හැත්තෑව දක්වා ඉහළ ගියා. ඒ අතරින් 53353 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් එක් දහස් හැට නවයක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.

ඊයේ දිනය තුළ මෙරටදී පීසීආර් පරික්ෂණ 16189 ක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 4886 ක් සිදුකර තිබෙනවා.

කටාන වැලිහේන ප්‍රදේශයේ තරුණයෙකු වන ට්‍රෙවෝන් සිල්වාපුල්ලේ මහතා තම 19 වන උපන් දිනය වෙනුවෙන් රුපියල් මිලියනයක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් ප්‍රදානය කළා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත එම උපකරණ භාර දීමටයි කටයුතු කෙරුණේ.

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 4,602ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG