Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රවීට සහ ඇලෝසියස්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 6 වනදා  

Add comments

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවක සාක්ෂි විභාගය  ලබන මස හයවනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා. විත්තිකාර රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කිරීමට නියමිත පරිගණක සාක්ෂි පරීක්ෂා කිරිමට ප්‍රවේශයක් ලබාදෙන ලෙසයි. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය එම ඉල්ලීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ නඩුව දිනෙන් දින කල්යාම වළක්වා ගැනීමේ අරමුණින් බවයි ඇය සදහන් කළේ. පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබාදෙන ලෙස නියම කළ විනිසුරුවරයා නඩුව විභාග කිරීම සදහා දින නියම කිරීම සිදුකළා.

The post රවීට සහ ඇලෝසියස්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 6 වනදා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG