Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලංකා බැංකුවේ විශේෂ අපනයන ඒකකය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි  

Add comments

ලංකා බැංකුවේ විශේෂ අපනයන ඒකකය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ලංකා බැංකුවේ 82 වන සංවත්සරය වෙනුවෙන් මෙය ආරම්භ කෙරුණේ අරලියගහ මන්දිරයේ සිට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේයි.

ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ වෙළෙඳ සේවා ඒකකය තුළ විශේෂ අපනයන ඒකකය ස්ථාපනය කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ අපනයන කරුවන්ට එක සේ මූල්‍ය සහ මූල්‍ය නොවන සියලු පහසුකම් සපයමින් දේශීය අපනයනකරුවන් නගා සිටුවීම මෙම විශේෂ ඒකකයේ අරමුණයි. ලංකා බැංකුවේ මහා කළමනාකාර ඩී පී කේ ගුණසේකර මහතා එම බැංකුවේ ජ්‍යෙෂ්ඨතම සේවකයාට හිමි තිලිණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් මෙහිදී ලබා ගත්තා.

 

The post ලංකා බැංකුවේ විශේෂ අපනයන ඒකකය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG