Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොතලාවල පනතට විරෝධය පළ කරමින් පැවැත්වීමට තිබූ උද්ඝෝෂණයක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි  

Add comments

කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ජනතාවාදී බුද්ධි මණ්ඩපය නමැති සංවිධානයක් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසළ අද දහවල්  පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා. මහේස්ත්‍රාත්වරයා පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කිසියම් අයෙකු කඩ කරන්නේ නම් ඔහුට හෝ ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලතල පොලිසිය සතු බවයි. උද්ඝෝෂණ කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තහවුරු කර ඇති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා කෝවිඩ් වසංගත තත්ත්වය උපයෝගී කරගනිමින් එම අයිතිය යටපත් කරගැනීමට යාමෙන් රටත් රජයත් දැඩි අපහසුතාවට පත්වනු ඇති බවද කියා සිටියා.

The post කොතලාවල පනතට විරෝධය පළ කරමින් පැවැත්වීමට තිබූ උද්ඝෝෂණයක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG