ඇෆ්ගනිස්ථානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපලට තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඇමෙරිකාව අනතුරු අගවනවා.
ඇමෙරිකා හමුදා මධ්‍යම විධානයේ ප්‍රධානී ජෙනරාල් ෆ්‍රෑන්ක් මැකෙන්සි පවසන්නේ කාබුල් ගුවන්තොටුපලට ඊයේ දිනයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හා සමාන තවත් ප්‍රහාර එල්ල වීමේ අවධානමක් ඇති බවයි. එය රොකට් ප්‍රහාරයක් හෝ මෝටර් රථයක ඇති වූ බෝම්බ පිපිරවීමක් විය හැකි බවටයි ඔහු අනතුරු අගවන්නේ. කාබුල්හි රදවා සිටින ඇමෙරිකා හමුදා මේ මස 31 වනදා වන විට ඉවත් කර ගැනීමට සූදානමින් සිටින අතරතුරේදීයී ඊයේ දිනයේ මෙම අයිඑස් ත්‍රස්ත ප්‍රහාර එල්ල වී තිබෙන්නේ.
බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍යවාර්තා කරනවා.
The post කාබුල් ගුවන්තොටුපලට තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඇමෙරිකාව අනතුරු අඟවයි appeared first on ITN News.
Post a Comment