Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානය ගැන සාකච්ඡා කිරීමට ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක්  

Add comments

ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් කැඳවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉලක්ක කර ගනිමින් ඊයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන්ගේ රැස්වීමක් පැවැත්වීමට එම සංවිධානය තීරණය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් සඳහන් කරන්නේ අමෙරිකාව,  බ්‍රිතාන්‍ය,  ප්‍රංශය,  රුසියාව සහ චීනය යන රටවල් විශේෂ රැස්වීමක් සඳහා ද කැඳවා ඇති බවයි.

මේ අතර අමෙරිකානු සෙබළුන් සහ ඇෆ්ගන් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත් කරමින් තවත් විශාල පිරිසකට තුවාල සිදුකරමින් එල්ල වූ ප්‍රහාරය තමා හෙළා දකින බව ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අවධාරණය කරනවා.

 

 

 

The post ඇෆ්ගනිස්ථානය ගැන සාකච්ඡා කිරීමට ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG