නිරෝධායන ඇඳිරි නීතිය අතරතුර මත්කුඩු ජාවාරමේ යෙදුණු දෙදෙනෙකු අනුරාධපුරයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර, මිහින්තලා හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 22 යි මිලි ග්‍රෑම් 182 ක් සමඟ සැකකරුවෙකු හා මාතලේ හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 24 යි මිලි ග්‍රෑම් 730 ක් සමඟ තවත් සැකකරුවෙකු ද මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. අනුරාධපුර පොලීසියේ අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයට ලැබුණු තොරතුරු මතයි වැටලීම සිදුකළේ. සැකකරුවන් දෙදෙනා බණ්ඩාර පුලියන්කුලම හා දෙවැනි පියවර ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
The post මත්කුඩු ජාවාරමේ යෙදුණු දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment