Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්තුමගල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

Add comments

මහබාගේ පොලිස් වසමට අයත් මත්තුමගල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

කොළඹ දෙසට ගමන් කරමින් තිබූ සිමෙන්ති ප්‍රවාහනය කළ වාහනයක් සහ ඊට සමාන්තරව ගමන් කළ ත්‍රි රෝද රථයක් අතරින් යතුරුපැදි කරුවෙකු තම යතුරුපැදිය ධාවනය කිරීමට උත්සාහ ගැනීමේ දී යි මෙම අනතුර සිදුවුණේ. අනතුරෙන් යතුරුපැදියේ පසුපස ගමන් කළ පුද්ගලයා එම ස්ථානයේ දී ම මිය ගොස් තිබුණා. යතුරුපැදිය පැදවූ පුද්ගලයා තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර හොරණ මූණගම ප්‍රදේශයේ ත්‍රි රෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් කිහිප දෙනෙකුට තුවාල සිදුවුණා. ත්‍රි රෝද රථයේ ගමන් ගත් මව පියා සහ කුඩා දරුවන් දෙදෙනෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අපවාර්තා කරුවන් පැවසුවේ.

 

The post මත්තුමගල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG