අනවසර ඉඩම් ගොඩකිරීම් නතර කිරීමේ අරමුණෙන් ඒ සදහා වන නීති දැඩි කර තිබෙනවා.ඒ සදහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංශෝධන පනත බලගැන්වීමටයි කටයුතු කර ඇත්තේ.
පනතේ නව ප්‍රතිපාදන පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේදී පැවැත්වුණා. එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසා මහතා පැවසුවේ අනවසර ගොඩකිරීම් පිළිබද ක්ෂණික වැටලීම් සිදුකරන බවයි. ඒ සදහා ආරක්ෂක අංශවල සහාය ද ලබා ගැනෙනවා. අනවසර ඉඩම් ගොඩකිරීමකදී ඇප නොලැබෙන අතර දඩය ලක්ෂ 5ක් සහ වසරක සිර දඩුවම් නියම කළ හැකි බවද සභාපතිවරයා සදහන් කළා.
The post අනවසර ඉඩම් ගොඩකිරීම් නතර කිරීමේ අරමුණෙන් ඒ සඳහා වන නීති දැඩි කෙරේ appeared first on ITN News.
Post a Comment