Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබනික පොහොර නිෂ්පාදනයට තරුණ පිරිස් වැඩි වශයෙන් යොමු වෙයි  

Add comments

තරුණ පිරිස් ද කාබනික පොහොර නිෂ්පාදනයට වැඩි වශයෙන් යොමුවී සිටිනවා. එවැනි පිරිසක් පිළිබද තොරතුරු වැලිමඩ ප්‍රදේශයෙන්ද වාර්තා වනවා.

කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කටයුතු කිරීම සදහා ගොවීන් යොමු කර වීමේ වැඩසටහනක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව යමින් කාබනික පොහොර නිෂ්පාදනයට වැලිමඩ, කැප්පෙටිපොල වීදුරුපොළ ගම්මානයේ තරුණ පිරිසක් එක්ව සිටිනවා. සංචරණ සීමා පනවා තිබූ සමයේ කාලය අපතේ නොයවා ඔවුන් මෙම කාර්යයේ නිරතවීම විශේෂත්වයක්. කැප්පෙටිපොල ගොවිජන මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහාය ද මේ සදහා ලැබී තිබෙනවා.

මේ අතර කාබනික දියර පොහොර සහ කාබනික පොහොර පමණක් භාවිත කර සාර්ථක ලෙස වගා කටයුතු සිදුකළ ආදර්ශ ගෙවත්තක් ඇල්ල වලස්බැද්ද ප්‍රදේශයේ තිබෙනවා. වලස්බැද්ද දරගල ඇල්ල ප්‍රදේශයේ පදිංචි අබේරාජා බණ්ඩාරනායක ගොවිමහතායි මෙම ගෙවත්තේ හිමිකරු වන්නේ. එළවළු සහ පළතුරුවර්ග රැසක් ඔහු සාර්ථක ලෙස වගාකර තිබෙනවා.

 

The post කාබනික පොහොර නිෂ්පාදනයට තරුණ පිරිස් වැඩි වශයෙන් යොමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG