Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබනික වගාවට ජපාන‌යේ සහය  

Add comments

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික කාබනික කෘෂිකර්මාන්ත වැඩපිළිවළෙට ජපානයේ කාබනික පොහොර නිෂ්පාදන ආයතනය සහයෝගය ලබා දීමට කැමැත්ත පළ කළ බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජපානයේ, ශිෂෝකා පළාතේ, ෆුජී නගරයේ කවකූමිතෝ පිහිටි නගර කාබනික නිෂ්පාදන කොම්පෝස්ට් ව්‍යාපෘතියක් නිරීක්ෂණයකට එක්වීමෙන් පසුව එහි ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව පවසා ඇත.

මෙම ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වගාවන් සඳහා දැනුම ලබා දීමටත්, තාක්ෂණය ලබා දීමටත්, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය සහය ලබා දීමටත් එකඟතාවය පළකර තිබේ.

මෙහි දී ශාක කොටස් හා ගොම එක්කරමින් මහා පරිමාණ ලෙස කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරන අතර එහි නයිට්‍රජන් ප්‍රතිශතය සියයට හතරක් (4%) අගයක් ගනී. මේ සඳහා ගව අපද්‍රව්‍ය මූලිකව යොදා ගෙන තිබෙන බවයි වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ.

The post කාබනික වගාවට ජපාන‌යේ සහය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG