ඊටීඅයි සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 4 දෙනෙකුට අධි චෝදනා භාර දුන්නා.
ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන ඊටීඅයි හිටපු අධ්‍යක්ෂවරුන්ටයි කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේ. රුපියල් බිලියන 7ක තැන්පතු මුදල් සාවද්‍ය පරිහරණය ඔවුන්ට එරෙහි චෝදනාවයි.
පසුව ඔවුන් රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. නඩුවේ විත්තිකරුවෙකු ලෙස ඊටීඅයි සමාගම ද නම් කර තිබෙනවා. නඩුව ලබන මස අට වනදා කැදවීමට නියෝග කෙරුණා.
The post ETI හිටපු අධ්‍යක්ෂවරුන්ට අධිචෝදනා පත්‍ර භාරදෙයි appeared first on ITN News.
Post a Comment