මහත් ආන්දෝලනයකට තුඩුදුන් අරන්තලා භික්ෂූ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඒ මෙම සිද්ධියෙන් දිවි ගලවාගත් පූජ්‍ය ආදාඋල්පත බුද්ධසාර හිමියන් ගොනුකළ පෙත්සමක් අද කැදවූ අවස්ථාවේයි.
එවකට එල්ටීටීඊයේ ප්‍රධානියෙකු වූ විනායගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රහාරයට වගකිවයුතු බවත්, ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස උන්වහන්සේ සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
පෙත්සම ඔක්තෝම්බර් 12 වනදා කැදවීමට නියම කෙරුණා. තම මූලික අයිතීන් උල්ලංඝනය වීම වෙනුවෙන් රුපියල් කෝටි දෙකක වන්දියක් ගෙවන ලෙස රජයට නියෝග කරන ලෙසද උන්වහන්සේ ඉල්ලා තිබෙනවා.
The post අරන්තලා භික්ෂූ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් CIDයෙන් විමර්ශනයක් appeared first on ITN News.
Post a Comment