සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පොළොන්නරුව ප්‍රදේශයේ ලොකු ළූනු බීජ නිෂ්පාදන ගම්මානයක් ආරම්භ කෙරුණා.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ලොකු ළූනු බීජ නිෂ්පාදනය කිරීමේ ගම්මානයක් ආරම්භ කෙරුණේ දේශීය ලොකු ළූනු ගොවියාට අවශ්‍ය බීජ ළූනු සැපයීම අරමුණු කරගනිමින්. ඇළහැර ප්‍රදේශයේ නිකපිටිය, සරුබිම, ඉකිලිවැව යන ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ රුපියල් කෝටියකට අධික මුදලක් වැය කරමින්.
ගොවීන් සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සෞභාග්‍යයේ නිෂ්පාදන ගම්මානයක් ලෙස නම් කිරීම සිදුවුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ සහභාගීත්වයෙන්.
The post සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පොළොන්නරුවේ ලොකු ළූනු බීජ නිෂ්පාදන ගම්මානයක් appeared first on ITN News.
Post a Comment