මදුරු කීටයන් සෙවීමට පොලිස් නිල සුනඛයන් යොදා ගැනීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
ඒ මාස හයකට ආසන්න කාලයක් පුරා සිදුකළ පර්යේෂණයකින් අනතුරුවයි.
ජලය රැදී ඇති ස්ථාන තුළින් ඩෙංගු මදුරුවන් බෝ වීම බොහෝ විට සිදු වනවා. මෙවැනි මෙහෙයුම් සදහා පොලිස් නිල සුනඛයන් යොදා ගැනිමේ හැකියාව පිළිබද පොලිසිය පරීක්ෂණයක් සිදුකර ඇත්තේ නිල සුනඛයන් දෙදෙනෙකු යොදා ගනිමින්. එම නිල සුනඛයන් දෙදෙනා මදුරු කීටයන් හදුනා ගැනීම සාර්ථකව සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.
මේ අනුව ඉදිරියේ දී පාරිසරික මෙහෙයුම්වලට නිල සුනඛයන් යොදා ගැනීමට පොලිසිය අපේක්ෂා කරනවා. මදුරු කීටයන් හදුනා ගැනීම සදහා තවදුරටත් නිල සුනඛයන් පුහුණු කරන බවයි පොලිසිය පවසන්නේ.
ලොව සෙසු රටවල ඇති සාම්ප්‍රදායික පුහුණු ක්‍රමවලට පටහැනිව තවත් විශේෂ පුහුණු ක්‍රමයක වර්ධනයක් ලෙස මෙය හැදින්විය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.
The post මදුරු කීටයන් සෙවීමට පොලිස් නිල සුනඛයන් appeared first on ITN News.
Post a Comment