Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම අදත් පැය 24 පුරා  

Add comments

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම විහාරමහාදේවි උද්‍යානයේදී මෙන්ම බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී අදත් පැය 24 පුරා සිදු කෙරෙනවා.

විහාරමහා දේවි උද්‍යානයේදී පැය 24 පුරා මෙම සේවාව ලබාදෙන්නේ පස්වන දිනයටයි. දියත උයන පරිශ්‍රයේදී අද හතරවන දිනයටත් පැය 24 පුරාම එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. එන්නත ලබාගැනීමට පැමිණෙන විට පහසු ඇදුමකින් සැරසී එන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ උදෑසන සිට අද පෙරවරු හය දක්වා දියත උයන එන්නත් මධ්‍යස්ථානයෙන් 5100 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා. පසුගිය දින දෙක තුළ මෙම පරිශ්‍රයෙන් ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව 19080ක්.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත ලබාදීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ද අද දිනයේත් සිදු කෙරෙනවා. ඒ කොළඹ මහනගර සභාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූලිකත්වයෙන්.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම අද දිනයේත් සිදු කෙරෙනවා. කිසිඳු තදබදයකින් තොරව එන්නත ලබාගැනීම සදහා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා තිබීම විශේෂත්වක්.

 

 

 

 

The post ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම අදත් පැය 24 පුරා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG