අතිකාල සීමාවන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුවද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයින් සුපුරුදු පරිදි රාජකාරියේ නිරතව සිටිනවා.
කෙසේ වුවද පැය කිහිපයකට වර්ජනය අවසන් කෙරුණා.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කොවිඩ් විශේෂ නිවාඩු ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, කොවිඩ් අනතුරු දීමනාව අඛණ්ඩව ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව මෙසේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. මේ හේතුවෙන් ඇතැම් රෝහල්වලට රෝගීන් ඇතුළත් කර ගැනීම සීමා වී ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු බලපිටිය රෝහලට රැගෙනවිත් තිබුණ ද ඔවුන් භාරගැනීමට කාර්ය මණ්ඩලය නොමැතිකමින් රෝගීන් ගිලන් රථ තුළම සිටින අයුරු දැකගත හැකිවුණා.
වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දික්ඔය මූලික රෝහලට පැමිණි රෝගීන් ද දැඩි අපහසුතාවට ලක්වන අයුරු දැකගත හැකිවුණා. බාහිර රෝගී අංශය හා සායනවලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි විශාල පිරිසක් මෙසේ අපහසුතාවන්ට ලක්වූ බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ.
ඉතිහාසයේ කිසිදු දිනක නොකළ පරිදි තම ඉල්ලීම් 7 ම ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්‍රියාකර ඇති බැවින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වන්නේ නැති බවයි එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ.
The post රෝගීන් බිල්ලට ගත් සෞඛ්‍ය වර්ජනය appeared first on ITN News.
Post a Comment