Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුරුවරුන් තවදුරටත් Offline  

Add comments

තමන්ගේ ඉල්ලීම් ලැබෙන තෙක් වෘත්තිය ක්‍රියාමාර්ග අත්හිටුවන්නේ නැති බව ගුරු සංගම් නියෝජිතයින් ප්‍රකාශ කරනවා.

මේ තත්ත්වය නිසා සිසුන්ගේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය තවදුරටත් අඩාල වී තිබෙනවා.

වැටුප් විෂමතා ගැටළුව මුල්කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වී අදට දින 25 ක් වනවා. අදාළ ගැටළුව සම්බන්ධයෙන් වර්ජනයේ නිරත ගුරු සංගම් සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වීම හේතුවෙන්  තවදුරටත් වර්ජන හා විරෝධතා පැවැත්වෙනවා.

එවන් පසුබිමක ගුරු සංගම් ඊයේ පෙරවරුවේ ප්‍රදේශ 4 කින් රථ පෙළපාලි ආරම්භ කර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිරත වුණා. එහිදි නිරෝධායන නීති කඩකිරීම් ඇතුලු චෝදනා කිහිපයක් යටතේ 44 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. මොවුන්ගෙන් විසිදෙදෙනෙක් ගුරුවරුන් වන අතර තවත් 16 දෙනෙක් ගුරුවරියන් වන බවයි පොලීසිය සදහන් කළේ. තවත් පිටස්තර පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිසට ඇතුළත්. අත්අඩංගුවට ගත් පිරිස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සදහා යොමුකර තිබූ අතර එහිදී තහවුරු වූයේ කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බවයි.  මොවුන්ගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් අනතුරුව අද දින කොළඹ කොටුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය සදහන් කළා.

අත්අඩංගුවට ගත් පිරිස හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද පෙරවරුවේ වරාය පොලීසිය වෙත පැමිණියා.

 

 

 

The post ගුරුවරුන් තවදුරටත් Offline appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG