ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය යටපත් කරමින් කොරෝනා වෛරස් ආසාදිතයින් වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.
පෙර නොවූ විරූ අයුරින් කොරෝනා ආසාදිතයින් ඉහළ යාමත් සමඟ වසංගතය පාලනය සම්බන්ධයෙන් අර්බුද රැසකට මුහුණ පා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. රෝහල් රෝගීන්ගෙන් පිරී යාමත් සමඟ ඇදන් පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව රෝගීන් රෝහල්වලට ඇතුළත් කිරීම පවා ප්‍රතිකේෂේප කර තිබෙනවා. රෝගයේ මුල් අවස්ථාවේ පසුවන රෝගීන් නිවසේ රදවා තැබීමට අවසර දෙන ලෙස එරට සෞඛ්‍ය අංශ ජපන් රජයෙන් ඉල්ලීමක් ද කළා. මෙම තත්ත්වය රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් කරන බව පවසමින් සෞඛ්‍ය අංශ වෙත චෝදනා එල්ල වී තිබෙනවා. අද දිනය තුළදී ටෝකියෝවෙන් 4000 ඉක්මවා ගිය ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වුණා. ඒ අනුව ගතවූ පැය 24 තුළ ජපානයෙන් හදුනාගත් කොරෝනා ආසාදිත සංඛ්‍යාව 14,166 ක් ලෙසයි දැක්වෙන්නේ.
The post ටෝකියෝ නුවර කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළට appeared first on ITN News.
Post a Comment