කොරෝනා වයිරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් නගරයෙන් වසරකට පමණ පසු ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවී තිබෙනවා.
වූහාන් නගරයෙන් ආසාදිතයින් 07 දෙනෙකු හමුවීමත් සමගම සමස්ත වූහාන් නගර වැසියන්ම පීසිආර් පරීක්ෂණ සදහා ලක්කරන බව බලධාරීන් සදහන් කරනවා. වූහාන් නගරයේ මිලියන 11 ක පමණ ජනතාවක් වාසය කරනවා. ඉදිරි දින කිහිපය තුළදී ඔවුන් සියලු දෙනා පීසිආර් පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිතයි. පසුගිය දින 10 තුළදී චීනයෙන් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 300 ක්. එරට පළාත් 15 කින් පමණ ඩෙල්ටා ප්‍ර භේදයේ ආසාදිතයින් හමුවී ඇති බවද සදහන්. මේ අතර වයිරස ව්‍යාප්තිය අඩාල කිරීමට චීනයේ නගර කිහිපයක්ම වසා දමා ඇති අතර පීසිආර් පරීක්ෂණ වැඩි කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
The post වූහාන් නගරයෙන් වසරකට පසු ආසාදිතයින් කිහිප දෙනෙකු හමු වෙයි appeared first on ITN News.
Post a Comment