Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස් හමුදාවන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් සමඟ තලෙයිබාන් ත්‍රස්ත ක්‍රියා ඉහළට  

Add comments

ඇමරිකාව ප්‍රමුඛ විදෙස් හමුදාවන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් සමඟ තලෙයිබාන් ත්‍රස්ත ක්‍රියා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගර රැසක් ඉලක්ක කර ගනිමින් තලෙයිබාන් සංවිධානය  ප්‍රහාර එල්ල කරන බවයි වාර්තා වන්නේ. ඊයේ දිනයේ දී හෙල්මන් ප්‍රාන්තයට තලෙයිබාන් ත්‍රස්ත ප්‍රහාර රැසක් එල්ල වී තිබෙනවා. එයට ප්‍රතිචාර ලෙස ඇෆ්ගන් හමුදාව ගුවනින් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද එම ප්‍රාන්තයේ රූපවාහිනි ආයතනයක බලය අත්පත් කර ගැනීමට ත්‍රස්තයින් සමත්ව තිබෙනවා. වසර විස්සක යුද මෙහෙයුම් නවතා ඇමරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීම ආරම්භ කිරීමත් සමඟයි තලෙයිබාන් ත්‍රස්ත ක්‍රියා  ඉහළ ගොස් ඇත්තේ.

 

 

The post විදෙස් හමුදාවන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් සමඟ තලෙයිබාන් ත්‍රස්ත ක්‍රියා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG