Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වීසා ගාස්තු සහ දඩ මුදල් සංශෝදනය කෙරේ  

Add comments

ශ්‍රී ලංකාව තුළ වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව අමෙරිකා ඩොලර් 500 ක මුදලක් ද අය කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

පසුගිය 18 වනදා ප්‍රසිද්ධියට පත් කර ඇති නව රෙගුලාසිවලට අනුව වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කර ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පළමු වර්ගයේ වාස වීසා යටතේ ආයෝජකයන්, සේවා නියුක්තයන්,  ශිෂ්‍යයන්,  වෛද්‍ය ප්‍රතිකාර ලබන්නන්,  රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්,  ආගමික කටයුතුවල නිරත වන්නන් සඳහා වසරකට අමෙරිකා ඩොලර් 200 ක ගාස්තුවක් අය කෙරෙනවා. දෙවන සහ තුන්වන වාස වීසා ක්‍රමය යට‌ෙත් අමෙරිකා ඩොලර් 100 බැගින් අය කිරීමට නියමිතයි. පූජ්‍ය පක්ෂයේ සාමාජිකයන් සහ මෙරට පුරවැසියෙකු හා විවාහ වී සිටින විදේශ කාලත්‍රයන් හෝ යැපෙන දරුවන් වීසා ගාස්තුවෙන් නිදහස් කර තිබෙනවා.

සංචාරක වීසා යටතේ දකුණු ආසියාතික සංචාරකයන්ට මාර්ගගත වීසා ලබා ගැනීමේදී අමෙරිකා ඩොලර් 20 ක් සහ පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීමේදී අමෙරිකා ඩොලර් 25 ක් ගෙවීමට සිදුවනවා. දකුණු ආසියානු කලාපයට අයත් නොවන රටවල්වල සාමාජිකයන් මාර්ගගත ක්‍රමය යටතේ වීසා ලබා ගැනීමේදී අමෙරිකා ඩොලර් 35 ක් සහ පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීමේදී අමෙරිකා ඩොලර් 40 ක් ගෙවිය යුතු බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

The post වීසා ගාස්තු සහ දඩ මුදල් සංශෝදනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG