ඉතාලිය ආසන්නයේ ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයින් 500කට අධික පිරිසක් බේරා ගැනීමට ඉතාලි වෙරළාරක්ෂක අංශ සමත්ව තිබෙනවා.
ඉතාලියේ ලම්පඩූසා දුපත් ආසන්නයේ දී මෙම අනවසර සංක්‍රමණික යාත්‍රාවේ සිටි සංක්‍රමණිකයින් 539 දෙනෙකු බේරා ගැනීමට ඉතාලි වෙරළාරක්ෂක අංශ සමත් වුණා. එක් දිනක් තුළ ඉතාලියට පැමිණි වැඩි ම සංක්‍රමණිකයින් පිරිස මෙය ලෙසටයි සැලකෙන්නේ. මෙම සංක්‍රමණිකයින් පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන් ද සිටි බවයි වාර්තා වන්නේ. ඇතැම් පිරිස් ලිබියාවේ සිට මධ්‍යධරණි මුහුද ඔස්සේ පැමිණ ඇති අතර ඔවුන්ට ශාරිරීක හිංසන ද සිදුව ඇති බව වාර්තා වනවා. ඉතාලි බලධාරීන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉතාලියේ ලම්පඩූසා දුපත සංක්‍රමණිකයින්ගේ ප්‍රධාන නැවතුම් මධ්‍යස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. මැයි මාසයේ දී පමණක් සංක්‍රමණිකයන් 1000කට වැඩි සංඛ්‍යාවක් මෙම දුපතට පැමිණ තිබෙනවා.
The post යාත්‍රාවක සිටි සංක්‍රමණිකයින් 539 දෙනෙකු ඉතාලි වෙරළාරක්ෂක අංශ විසින් බේරාගැනේ appeared first on ITN News.
Post a Comment