Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයිඩා සුළි කුණාටුවෙන් ලුසියානා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ලවනු ඇති බවට කාළගුණ අංශ අනතුරු අඟවයි  

Add comments

අයිඩා සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරමින් සිටිනවා.

කියුබාව, මෙක්සිකෝ බොක්ක අවට කලාපයට සහ ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට බලපෑම් එල්ල කරමින් අයිඩා සුළි කුණාටුව අද දිනයේ දී එම කලාපයට ඇතුළු වීමට නියමිතයි. පැයට කිලෝමීටර් 220ක වේගයෙන් ගමන් කරන අයිඩා සුළි කුණාටුවෙන් ලුසියානා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වනු ඇති බවයි කාළගුණ අංශ අනතුරු අඟවන්නේ. ලුසියානා ප්‍රාන්තයේ ජනතාව තම නිවෙස්වලින් ඉවත් වීම ආරම්භ වීමත් සමඟ එම ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් ද දක්නට ලැබෙන බව වාර්තා වනවා. අයිඩා සුළි කුණාටුව 2005 වසරේ ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔර්ලන්ස් ප්‍රදේශයට බලපෑ කත්‍රීනා සුළි කුණාටුවට වඩා දැඩි බලපෑම් එල්ල කළ හැකි බවටයි කාළගුණ අංශ අනතුරු අඟවන්නේ. සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට මෙක්සිකෝවට සහ කියුබාවට ආපදා තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා.

 

 

The post අයිඩා සුළි කුණාටුවෙන් ලුසියානා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ලවනු ඇති බවට කාළගුණ අංශ අනතුරු අඟවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG