Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබුල් ගුවන්තොටුපළට අද දිනයේදීත් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අමෙරිකාව අනතුරු අඟවයි  

Add comments

ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපළට අද දිනයේදීත් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවනවා. බුද්ධි අංශ ලබා දුන් තොරතුරු මතයි අමෙරිකා ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබුණේ.

අද දිනයේදී එම ප්‍රහාරය බොහෝ දුරට සිදුවිය හැකි බවයි ජනාධිපතිවරයා අනතුරු අඟවන්නේ. මේ හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ සිටින අමෙරිකානුවන්ට ගුවන් තොටුපළ  ප්‍රදේශයෙන් ඉවත්වන ලෙසට අමෙරිකා බලධාරීන් දැනුම් දී තිබෙනවා. අමෙරිකා හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීම තවදුරටත් සිදුකෙරෙන අතර එක්සත් රාජධානි හමුදා සහ ඉහළ නිලධාරීන් ඉවත් කර ගැනීම අදින් අවසන් වනවා. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් කාබුල් ගුවන් තොටුපල ආසන්නයේ පුපුරා ගියා. ඉන් පුද්ගලයින් 170 දෙනෙකු මිය ගියා.

 

 

 

 

The post කාබුල් ගුවන්තොටුපළට අද දිනයේදීත් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අමෙරිකාව අනතුරු අඟවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG