Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බන්ධනාගාරවල පවතින රැකියා පුරප්පාඩු පිරවීම සඳහා පියවර රැසක්  

Add comments

බන්ධනාගාරවල පවතින රැකියා පුරප්පාඩු පිරවීම සඳහා පියවර රැසක් ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ 40%ක වැටුප් වර්ධකය ලබා නොදීම සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එක් කොට්ඨාශයකට පමණක් වැඩි කිරීමෙන් අනෙක් ක්ෂේත්‍රවල ගැටළු සහ වැටුප් විෂමතා ඇති වන බැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයකට එළඹෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉතිහාසයේ දරුණුතම අර්බුදයකට රට මුහුණ දී ඇති බවත් සංචාරක ව්‍යාපාරය, රේගුව වැනි රටට ආදායම් ලැබෙන මාර්ග සියල්ල අඩාල වී ඇති මොහොතක ,පසුගිය වසර එක හමාරක කාලය පුරාම රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැටුප් ලබා දුන් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

බන්ධනාගාර වල ආරක්ෂාව සම්බන්ධයෙන් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ආරක්ෂාවට තර්ජනයක් වන රැඳවියන් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඇති බව කීය.

බන්ධනාගාර වල ආරක්ෂාව සඳහා බූස්ස, අගුණකොළපැලැස්ස වැනි ප්‍රධාන බන්ධනාගාර වල දුරකථන සබඳතා අවහිර කර ඇති බවත් , ආරක්ෂාව වෙනුවෙන් නිලධාරින් පුහුණු කර ඇති බවත් ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

බන්ධනාගාරයේ බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කිරීම සහ බන්ධනාගාරයේ හදිසි ප්‍රතිචාර උපක්‍රම බලකාය පිහිටුවීම වැනි ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර ඇතැයි පැවසූ අධිකරණ අමාත්‍යවරයා, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින 2000ට ආසන්න පුරප්පාඩු සංඛ්‍යාව නිසි ක්‍රමවේදයකට අනුව බඳවාගැනීම් සිදු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවද අමාත්‍යවරයා කීය

The post බන්ධනාගාරවල පවතින රැකියා පුරප්පාඩු පිරවීම සඳහා පියවර රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG