පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහත්මාගේ නිවසේ සේවය කළ කාන්තාවන් 11 දෙනෙක් හදුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් 8 දෙනෙකුගෙන් මේ වෙනකොට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව පොලීසිය පවසනවා.
අධිකරණ නියෝග මත ගොඩගත් දැරියගේ දේහය පිළිබද දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදුකෙරුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම්කිරීම මත සහ නීතිපතිවරයාගේ නිර්දේශ මත අධිකරණය විසින් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සදහා විශේෂඥ මණ්ඩලයක් ද පත්කෙරුණා.
එහිදී ඇයගේ සිරුර සීටී ස්කෑන් පරීක්ෂණයකට යොමුකර ශරීර විවිධ ස්ථානවලින් ලබාගත් කොටස්වල සාම්පල රසායනාගාර වෙත යොමුකෙරුණා. අදාළ වාර්තා ලැබෙන තෙක් දැරියගේ සිරුර පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.
මේ අතර මියගිය ඉෂාලිනී දැරියට පෙර රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන්කරගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ ද කැලණිය පුවක්පිටිය සහ කටුණායක ප්‍රදේශවල පදිංචිව සිටින කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ අතර මියගිය ඉෂාලිනී දැරියට සාධාරණය ඉටුකරන ලෙසට බල කරමින් හැටන් පෝඩයිස් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් අදත් උද්ඝෝෂණයක නිරත වුණා.
The post රිෂාඩ්ගේ ගෙදරදී අහිංසක දැරියන්ට සිද්දවුණු කෘෘරකම් තව තවත් එළියට appeared first on ITN News.
Post a Comment