Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවේ ඩෙල්ටා අවධානම ඉහළට – WHO අනතුරු අඟවයි  

Add comments

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය පවසනවා.සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය එම තත්ත්වයට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

ලෝක  සෞඛ්‍ය සංවිධානයේ ට්විටර් ගිණුමෙහි නිවේදනයක් නිකුත් කරන එම සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හනෝම් පවසන්නේ පසුගිය සතිය තුළදී ලොව පුරා මිලියන හතරකට ආසන්න කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ බවයි. ඉදිරි සති දෙකක කාලය තුළදී මෙම සංඛ්‍යාව මිලියන දෙසීය ඉක්මවනු ඇති බවයි ටෙඩ්රෝස් ඇඩ්හනෝම් පවසන්නේ. කෙසේ වෙතත් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානමින් සිටින බවද ඔහු කියා සිටිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය පවසන්නේ සමාජ ක්‍රියාකාරකම් මේ වනවිට ශීඝ්‍ර යෙන් ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාවට වයිරසයෙන් ඇති විය හැකි බලපෑම් ඉහළ යා හැකි බවයි.

The post ශ්‍රී ලංකාවේ ඩෙල්ටා අවධානම ඉහළට – WHO අනතුරු අඟවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG