ඊශ්‍රායලයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා වයිරසයට එරෙහි එන්නතෙහි තෙවන මාත්‍රාවද ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ඊශ්‍රායලය තුළ ඩෙල්ටා ප්‍ර භේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම මැඩ පැවැත්වීමටයි මෙම පියවර ගෙන ඇත්තේ.වයිරසයට එරෙහි ෆයිසර් එන්නතේ තෙවන මාත්‍රාව මෙලෙස ජනතාවට ලබාදීම පසුගියදා ආරම්භ කෙරුණා. කෙසේ වුවද එන්නතෙහි තෙවන මාත්‍රාවක් ලබාදීම මේ වනතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නැහැ. ඇමරිකාවේ ආහාර හා ඖෂධ නියාමන ආයතනය එන්නතෙහි තෙවන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි වාර්තා වන්නේ.
The post ඊශ්‍රායලය අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නතෙහි තෙවන මාත්‍රාව ලබාදෙයි appeared first on ITN News.
Post a Comment