Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆයිසර් හා මොඩර්නා එන්නත්වල මිල ගණන් ඉහළට  

Add comments

කොරෝනා වයිරසයට එරෙහි ෆයිසර් හා මොඩර්නා එන්නත්වල මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

යුරෝපා සංගමය සමඟ එම සමාගම් එළඹි නවතම කොන්ත්‍රාත්තුවේ මිල ගණන් සංශෝධනය කර ඇති බවයි වාර්තා වන්නේ.  ඒ අනුව ෆයිසර් එන්නත ඇමෙරිකා ඩොලර් 23යි ශත 15 දක්වා ඉහළ දමා තිබෙනවා. එමෙන්ම මොඩර්නා එන්නත ඇමෙරිකා ඩොලර් 25 ශත 50 දක්වා මිල ගණන් ඉහළ දැමීමටයි එම සමාගම් තීරණය කර ඇත්තේ. ඉහළ යන ඉල්ලුමට සැපයුම ලබාදීමේදී එන්නත්වල මිල ගණන් ඉහළ දැමීමට සිදුව ඇති බව එම සමාගම් සඳහන් කරනවා. යුරෝපා සංගමයට අයත් රටවල වැඩිහිටියන් 70%ක ප්‍රමාණයක් මෙම වසර අවසන් වන විට සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් කරන බවයි යුරෝපා කොමිසම සඳහන් කරන්නේ. කෙසේ වුවද එන්නත් මිල ගණන් ඉහළ දැමීම පිළිබද එම සමාගම් අදහස් ප්‍රකාශ කර නැහැ.

 

 

The post ෆයිසර් හා මොඩර්නා එන්නත්වල මිල ගණන් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG