කඩවත ඇල්දෙණිය, ජනතා මාවත ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් අඹු සැමි යුවළක් පිළිස්සී මිය ගොස් තිබෙනවා.
අද අලුයම 4.30 ට පමණ මෙම ගින්න ඇතිවූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අසල්වැසියන් සඳහන් කළේ නිවසේ ඉහළ මාලයෙන් තමන් බේරාගන්නා ලෙස උදව් ඉල්ලමින් කෑගසන හඬ ඇසුණු බවයි. වහා ක්‍රියාත්මක වූ අසල්වැසියන් ගින්න මැඩපැවැත්වීමට සමත්වුවද ඒ වනවිටත් එහි සිටි 55 හැවිරිදි පිරිමි පුද්ගලයා සහ 53 හැවිරිදි ඔහුගේ බිරිඳ මිය ගොස් තිබුණා.
අජිත් රේමන්ඩ් සහ සුමිත්‍රා රාජපක්ෂ යන අඹු සැමි යුවළකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
නිවසේ පහළ මාලයේ එම යුවලගේ පුත්‍රයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත්ව ඇති බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.
මහර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසන්න විමලරත්න මහතා ස්ථානීය පරීක්ෂණයක් සිදුකළා.
පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා දේහයන් රාගම රෝහල වෙතට ගෙන ගියා. සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
The post නිවසක ඇතිවූ ගින්නකින් අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment