අමෙරිකා එක්සත් ජනපදය මෙරටට පරිත්‍යාග කළ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් භාරදීම ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති ඇලීනා ටෙප්ලිට්ස් මහත්මියගේ අතින් සිදුවුණා.
ශක්තිමත් එන්නත්කරණ වැඩසටහනක් පවත්වා ගෙන යාමට ඇමරිකාව ලබාදෙන සහයෝගයට ස්තූතිවන්ත වන බවයි අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේ.
මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං, යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කෝග්, ඇමරිකානු ආධාර ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා මෙහෙවර අධ්‍යක්ෂ රීඩ් ඊෂ්ලිමන්,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
The post ඇමරිකාවෙන් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් appeared first on ITN News.
Post a Comment