Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවේ චීන තානාපති කථානායක හමුවෙයි  

Add comments

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා ඊයේ (26) පෙරවරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

කථානායක නිල නිවසේදී පැවති මෙම හමුවේදී චීන තානාපතිවරයා පවසා සිටියේ වත්මන් කොවිඩ් තත්ත්වය පාලනය සදහා දෙරටම උපරිම කැපවීමකින් කටයුතු කරන මොහොතක මෙරට කොවිඩ් පාලනය සදහා චීන රජය නිරතුරුව සිය සහයෝගය ශ්‍රී ලංකානු රජයට ලබා දෙන බවයි.

එසේම දෙරට අතර ආර්ථික සහ මූල්‍ය සහයෝගීතාව මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සබදතා ශක්තිමත් කිරීම පිළිබදවද මෙහිදී සාකච්ඡා විය.

ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරෙකු ලෙස චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව ද කථානායකවරයා සිය කෘතවේදීත්වය චීන රජය වෙත මෙහිදී පළ කළේය.

The post ශ්‍රී ලංකාවේ චීන තානාපති කථානායක හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG