Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවෙන් පරිසර හානියක් නැහැ – ඇත්ත හෙළිවෙයි  

Add comments

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ  වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට මුදල් වෙන් කළේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී සියලු පාර්ශ්වවල ඒකමතික තීරණයෙන් බව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහත්තයා අද කියා සිටියා.

ඒ නිසා මේ ව්‍යාපෘතියේ මුදල් ආපසු හරවා යවන්න හැකියාවක් නැහැ කියලා මන්ත්‍රීවරයා අවධාරණය කළා.

මේ ව්‍යාපෘතිය හැම පාර්ශ්වකයම අනුමැතිය ඇතිව ආරම්භ කරන්න කටයුතු කළේ කිසිදු පරිසර හානියක් සිද්ධවෙන්නේ නැති ආකාරයෙන් කියලයි නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහත්මයා කියා සිටියේ.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 34 ක්. ඒ නාගරික සංවර්ධණ අධිකාරිය,  වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පොලොන්නරුව මහනගර සභාව හා  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකමතිකව  සිදු කළ යෝජනාවකට අනුයි. පටු වැව් බැම්ම සමග ඇති මාර්ගය මෙම ව්‍යාපෘතියත් සමග පුළුල් වන අතර වැව් බැම්මේ ආරක්ෂාව ද තහවුරු වීම මෙමගින් සිදු වන බව මූළික අධ්‍යයනවලදී තහවුරු කෙරුණා. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ප්‍රදේශයේ මහජන නියෝජිතයින්,  රාජ්‍ය නිලධාරින් ඇතුළු සියලු පාර්ශ්වවල අනුමැතිය ලැබීමෙන් පසු ව්‍යාපෘතිය ආරම්භ කෙරුණ ද ඉදිකිරීම්වලට එරෙහිව එල්ල වූ විරෝධතා හේතුවෙන් එම කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ඊයේ තීරණය කෙරුණා.

මෙම මාර්ගයේ බොහෝ ස්ථානවල කැලි කසල එකතු වී අපවිත්‍ර වී තිබූ පසුබිමක ඊට එරෙහි නොවූ පිරිස් මෙම සංවර්ධන ව්‍යාපෘතීයට විරෝධය දක්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා  පෙන්වා දෙන්නේ.

 

 

 

The post පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවෙන් පරිසර හානියක් නැහැ – ඇත්ත හෙළිවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG