කොරෝනා මර්දන එන්නතෙහි තුන්වන මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ග්‍රේබ්‍රියේසස් පවසන්නේ ඒ හරහා සෑම රටකටම සිය ජනගහනයෙන් 10%ක හෝ ප්‍රතිශතයකට කොරෝනා මර්දන එන්නත ලබාදීමේ හැකියාව ලැබෙන බවයි. අඩු ආදායම් ලාභී රටවලට එන්නත් බෙදීයාමේ දුර්වලතාවක් පවතින බැවින් මේ වනවිට අතිරික්තව පවතින කොරෝනා මර්දන එන්නත් මාත්‍රා එවැනි අඩු ආදායම් සහිත රටවලට බෙදී යායුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ඩෙල්ටා ප්‍රබේදයේ ව්‍යාප්තිය හමුවේ තම ජනතාව ආරක්ෂාකර ගැනීමට සියලු රටවල් සැලකිල්ල යොමුකර ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
The post කොරෝනා එන්නතෙහි තුන්වන මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවන්නැයි WHO ලොව රටවලින් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment