Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාස 07ක් තුළ වැව් අමුණු 1400ක් පිළිසකර කිරීම ඇරඹෙයි  

Add comments

වාරි සෞභාග්‍යයා ජාතික වැඩසටහන යටතේ මාස හතක් තුළ වැව් අමුණු 1400 ක් පිළිසකර කිරීමේ වැඩ ආරම්භ  කර තිබෙනවා.

ග්‍රාමීය වැව් අමුණු සහ වාරි ඇළ මාර්ග 5000 ක් එකවර ප්‍රතිසංස්කරණය කිරීමේ මධ්‍ය කාලීන ආයෝජන වැඩසටහනක් ලෙසයි වාරි සෞභාග්‍යයා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරි මාර්ග රාජ්‍ය අමාත්‍යංශය වෙත ලැබී ඇති ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 1280ක් අත්තිකාරම් ලෙස දෙමින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබෙනවා. පසුගිය මාස හත තුළ ආරම්භ කළ වැව් අමුණු 1400 ක් පිළිසකර කිරීමේ ව්‍යාපෘති අතරට ග්‍රාමීය වැව් 1200 ක් ඇතුළත්. ග්‍රාමීය අමුණු සහ වාරි ඇල මාර්ග 200 ක් ද ඊට අයත් වනවා. ඉදිරි තෙවසර තුළ යෝජිත 5000 ඉලක්කය සපුරාලීම අපේක්ෂාව බවයි වාරි මාර්ග අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු අයිවන් සිල්වා මහතා පවසන්නේ.

 

 

 

The post මාස 07ක් තුළ වැව් අමුණු 1400ක් පිළිසකර කිරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG