Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුදල් පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මත වෙයි  

Add comments

මුදල් පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී අද සම්මත වුණා.

කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද උදෑසන දහයට රැස් වුණා. වාච්ක ප්‍රශ්න සදහා පැයක කාලයක් වෙන් කර තිබූ අතර මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම පිළිබද විවාදය ආරම්භ වූයේ පෙරවරු 11 ට පමණයි.

ඉන් අනතුරුව කෙටුම්පත දෙවන වර කියවීමට අදාළ ඡන්ද විමසීම පස්වරු පහට පැවැත්වුණා. එහිදී පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 44 ක්   පමණයි.

පසුව තුන්වර කියවීමේ දී ඊට සංශෝධන එක්කර මුදල් කෙටුම්පත සම්මත කිරීම ඡන්ද විමසීමකින් තොරව සිදු කෙරුණා.

 

The post මුදල් පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG