Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාරිභෝගිකයාට වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව විවර කරමින් ගිවිසුමක්  

Add comments

රාජ්‍ය ආයතනයක පූර්ණ විශ්වාසය යටතේ පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් සහ වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස්(ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සමග ගිවිසුමකට එළඹ තිබේ.

කොළඹ දී ඊයේ (07) දින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉහත ගිවිසුමට අත්සන් තැබීම දෙපාර්ශ්වය විසින් සිදු කරන ලදී.

බීසීසී ආයතනයට අදාළ සංවර්ධන සැලැස්ම යටතේ ඉදිරි වසර 05 තුළ නවීන තාක්ෂණයෙන් යුතු පොල්තෙල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට නියමිත බවත් මෑත කාලයේ රට තුළ පොල් තෙල් සම්බන්ධයෙන් ඇති වූ අර්බුදකාරි තත්වය කෙරෙහි අවධානය යොමුකර බීසීසී ආයතනයේ යෝජිත පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක වන තෙක් අන්තර්කාලීන ක්‍රියාමාර්ග වෙත අවධානය යොමු කරන ලද බවත් මෙම අවස්ථාවේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ අනුව මෙරට පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් යුතු වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට නම් බීසීසී ආයතනයට දැනට පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ නියමිත ප්‍රමිතියෙන් යුතු දේශීය පොල් තෙල් තොග අඛණ්ඩව සපයා ගැනීම බව පැවසු අමාත්‍යවරයා ගැටළුවට විසඳුම් ලෙස මෙම ගිවිසුම්ගත වීම සිදු කළ බවත් එමඟින් පෞද්ගලික අංශයේ ද සහාය ලබා ගනිමින් සිය නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට බීසීසී ආයතනයට හැකියාව ලැබෙනු ඇති බවත් පෙන්වා දුන්නේය.

තවද බිසීසී කර්මාන්ත ශාලාව ඉදිකරන තෙක් නව තාක්ෂණයෙන් යුතු පොල්තෙල් සැකසුම් කර්මාන්ත ශාලාවක් මගින් බීබීසී පොල්තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය පොල්තෙල් තොග වසර තුනක කාලයක් සඳහා ලඛා ගැනීමට විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ තෝරාගත් එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමඟ මෙසේ ගිවිසුම්ගත වූ බව බීසීසී ලංකා ලිමිටඩ් ආයතනයේ සභාපති චමින්ද වෙලේගම මහතා සඳහන් කළේය.

එසේම මෙම ගිවිසුම යටතේ අපේක්ෂිත අරමුණු අතර පොල් තෙල් නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් බීසීසී ආයතනයේ අධීක්ෂණය මත සිදු කිරීමට හැකිවීමෙන් නිෂ්පාදනයන්හි විශ්වාසනීයත්වය තහවුරු කළ හැකි වීම, පොල් සංවර්ධන අධිකාරිය පොල්තෙල් සඳහා නිකුත් කරනු ලබන තත්ත්ව සහතිකය, ප්‍රමිති ආයතනයේ එස්එල්එස් සහතිකය ඇතුළු ජාත්‍යන්තර තත්ව සහතික යටතේ බීසීසී නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමේ අවස්ථාව උදාකර ගැනීම, බීසීසී නිෂ්පාදන අපනයනය සඳහා අවස්ථාව උදාකර ගැනීම හා අපේක්ෂිත අලෙවි සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා නිෂ්පාදන ධාරිතාව කෙටිකාලයක් තුළ වැඩි කරගැනීම යන ඒවා ද වන බව වෙලේගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට බීසීසී ලංකා ලිමිටඩ් ආයතනය වෙනුවෙන් එහි සභාපති චමින්ද වෙලේගම, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මනුජ කරුණාරත්න, සාමාන්‍යාධිකාරී එස්.එම්.සී.ඩබ්. රන්ජන්, එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස්(ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය වෙනුවෙන් එහි සභාපති එස්. පී. එල්. පතිරත්න, කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාමේන්දු වික්‍රමාරච්චි, අධ්‍යක්ෂිකා එල්. එන් ජයසිංහ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ

The post පාරිභෝගිකයාට වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව විවර කරමින් ගිවිසුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG