කදිරවේලි හා වාකරේ ප්‍රදේශවල නිවෙස් කිහිපයක සගවා තිබූ පොහොර මිටි 169 ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වුණා.
කෘෂිකර්ම අමාත්‍යාංශය වී වගාව සදහා ගොවි ජනතාවට නොමිලේ ලබා දෙන පොහොර මිටි තොගයකුයි මෙසේ සඟවා තිබී ඇත්තේ. ගොවි ජනතාවට අලෙවි කිරීම සදහා මෙම තොග සඟවා තැබූ බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ වාකරේ කදවුරේ නිලධාරින්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා.
The post නිවෙස් කිහිපයක සඟවා තිබූ පොහොර මිටි 169 ක් සොයා ගැනේ appeared first on ITN News.
Post a Comment