Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ විරෝධතාවකට කඳුලු ගෑස් ප්‍රහාරයක්  

Add comments

කාන්තා අයිතීන් සුරක්ෂිත කරන ලෙස බල කරමින් ඇෆ්ගනිස්ථානයේ පැවති විරෝධතාවකට තලෙයිබාන් සංවිධානය කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් පාලනයට නතු වීමත් සමඟ ක්‍රමිකව කාන්තා අයිතින් උල්ලංඝනය වන බවයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ. රැකියාවක නිරත වීමේ අයිතිය සහ රජයට සම්බන්ධ වැඩ කටයුතු කිරීමට කාන්තාවන්ට අවස්ථාව ලබා දිය යුතු බවයි ඔවුන් පවසන්නේ. කාන්තාවන්ට රජයට සම්බන්ධව කටයුතු කිරීමට අවස්ථාව ලබාදිය හැකි වුවද ඔවුන්ට අමාත්‍ය තනතුරු ලබාදිය නොහැකි බව තලෙයිබාන් සංවිධානය නිවේදනය කරනවා. කාන්තාවන්ගේ රැකියා සම්බන්ධයෙන් තීරණය ඉදිරි යේ දී දැනුම් දෙන බවයි ඔවුන් පවසන්නේ. මේ අතර විරෝධතා අතරතුරදී තලෙයිබාන් සාමාජිකයින් එක් කාන්තාවකට දරුණු වද හිංසා පමුණුවා ඇති බවද වාර්තා වනවා.

 

The post ඇෆ්ගනිස්ථානයේ විරෝධතාවකට කඳුලු ගෑස් ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG