ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් මෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළද තොග වෙළෙදාම් සඳහා විවෘත කෙරුණා.
පෑලියගොඩ මැනිං තොග වෙළෙඳපොළට එළවළු තොග විශාල වශයෙන් අද දිනයේදී ළඟාවෙමින් තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ හේතුවෙන් අවට මාර්ගවල වාහන තදබදයක්ද හට ගත්තා. මැනිං වෙළෙඳපොළේ එළවළු සහ පලතුරු තොග මිලද පහත වැටී තිබූ බවයි වාර්තා වන්නේ.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙද සංකීර්ණයටද මත්ස්‍ය තොග විශාල වශයෙන් ලැබෙමින් තිබෙන ආකාරය දැක ගැනීමට හැකිවූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. පොඩි මාළු වර්ගවල මිල ගණන් පහළ ගොස් ඇති බවද වෙළෙදුන් සඳහන් කළා.
බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයද අද විවෘතව පැවති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. එළවළු සහ පළතුරු ලොරි විශාල සංඛ්‍යාවක් ආර්ථික මධ්‍යස්ථානය වෙත අද ළඟා වී තිබුණා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘතව පවතින වේලාවන් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් නිසා වෙළෙදුන් අපහසුතාවට ලක් වූ බව අප වාර්තාකරුවන් පවසනවා. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ කටයුතු මධ්‍යම රාත්‍රී 12 ට ආරම්භකරන බව වෙළෙඳ සංගමය නිවේදනය කිරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.
මේ අතර කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය තොග වෙළෙදාම් සඳහා අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට දේශීය අර්තාපල් තොග විශාල වශයෙන් ලැබෙමින් පවතින බව අප වාර්තාකරුවන් පැවසුවා. ඒ හේතුවෙන් අර්තාපල් තොග මිල පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
The post ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් තොග වෙළෙදාම සඳහා විවෘතයි appeared first on ITN News.
Post a Comment