බස්නාහිර පළාත තුළට වෙනත් පළාත්වලින් ඇතුලුවන ස්ථානවල පළාත් මාර්ග බාධක 13 ක් පිහිටුවා ඇති බව පොලිසිය පවසනවා.
බස්නාහිර පළාතෙන් පිටවන වාහන සහ පුද්ගලයින් 541 දෙනෙකු සහ 778 දෙනෙකු පසුගිය පැය 24 දී පරීක්ෂා කර තිබෙනවා. බස්නාහිර පළාත තුළට ඇතුලුවන වාහන 632 ක් සහ පුද්ගලයන් 987 දෙනෙකු මෙම කාල සිමාව තුළ පරීක්ෂා කළ බව පොලිසිය සදහන් කරනවා.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 66688 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පෙරවරු හයේ සිට අද පෙරවරු හය දක්වා පැය 24 තුළ මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 665 ක්. වාහන 69 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post ගතවූ පැය 24 තුළ වාහන 69 ක් සහ පුද්ගලයින් 665 ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment