නිරෝධායන ඇදිරි නීතිය පැවතියද කොළඹට ඇතුළු වන ස්ථානවල අද පෙරවරුවේ ද දැඩි රථ වාහන තදබදයක් පැවති බව අප වාර්තාකරුවන් පවසනවා. සංචරණ සීමා පවා උල්ලංඝනය වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම පිළිබද සිද්ධීන් දිනෙන් දිනම වාර්තා වෙනවා. මීගමු පාර සහ නුවර පාරෙන් කොළඹට ඇතුලුවීමට අද පෙරවරුවේ ද දැඩි රථ වාහන තදබදයක් පැවතුණා. බේස්ලයින් පාර, බණ්ඩාරනායක මාවත ඇතුලු ප්‍රධාන මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් පැවති ආකරයයි දක්නට ලැබුණේ. ඔරුගොඩවත්ත විදුලි සංඥා ක්‍රියා විරහිත කර පොලිස් නිලධාරීන් රථ වාහන තදබදය අවම කිරීම සදහා එම වාහන මෙහෙයවන ආකාරයද දැකගත හැකි වුණා.
The post නිරෝධායන ඇඳිරිය පැවතුනත් කොළඹට ඇතුළු වන ස්ථානවල දැඩි රථ වාහන තදබදයක් appeared first on ITN News.
Post a Comment